මහජන සම්බන්ධතාව ?

මහජන සම්බන්ධතා නිර්වචන 





මහජන සම්බන්ධතාව යනු,

1. මහජනතාව දැනුවත් කිරීම.
2. මහජනතාව පෙළඹවීම.
3. මහජනතාව ඔවුනොවුන් සමඟ එකිනෙකට අන්තර් ක්‍රියාකාරී කරවීමයි.


- එඩ්වඩ් බර්නිස් (1961)


  • " මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක් එහි මහජනතාව සමඟ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීම සහ එය පවත්වා ගෙන යාම සඳහා හිතා මතාම ඕනෑකමින් ම සංවිධානය කරනු ලබන මෙන්ම පවත්වා ගෙන යනු ලබන උත්සහයන් වේ. "

- ඇමරිකා එක්සත් ජනපද මහජන සම්බන්ධතා සමාජය (Public Relations Society of America)

  • මහජන සම්බන්ධතාවය යනු දර්ශනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භාෂාව, මනෝ විද්‍යාව, ජනමාධ්‍යවේදනය, සන්නිවේදනය සහ වෙනත් විෂය ක්ෂේත්‍ර ගණනාවක සංකලනය ඔස්සේ මානව අවබෝධය සඳහා වන ක්‍රමවේදයකි."

හර්බට් එම්. බෝස්

" යහපත් හදවතක් තුළින් ගොඩනැඟෙන මානව විශිෂ්ටත්වය මහජන සම්බන්ධතාවයි."

චාර්ල්ස් ප්ලැකාඩ්

" සතුටුදායක මතයක් ගොඩනැඟීමෙහිලා හේතුවන සියලු ම විෂය කරුණු මහජන සම්බන්ධතාව වේ. ''

ජෝන් එෆ්. මෙරඩි 

(ඇමරිකානු  මහජන සම්බන්ධතා සංවිධානයේ හිටපු සභාපති)


Comments