Posts

Showing posts from February, 2023

මහජන සම්බන්ධතාව ?

Image
මහජන සම්බන්ධතා නිර්වචන  මහජන සම්බන්ධතාව යනු, 1. මහජනතාව දැනුවත් කිරීම. 2. මහජනතාව පෙළඹවීම. 3. මහජනතාව ඔවුනොවුන් සමඟ එකිනෙකට අන්තර් ක්‍රියාකාරී කරවීමයි. - එඩ්වඩ් බර්නිස් (1961) " මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක් එහි මහජනතාව සමඟ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීම සහ එය පවත්වා ගෙන යාම සඳහා හිතා මතාම ඕනෑකමින් ම සංවිධානය කරනු ලබන මෙන්ම පවත්වා ගෙන යනු ලබන උත්සහයන් වේ. " - ඇමරිකා එක්සත් ජනපද මහජන සම්බන්ධතා සමාජය (Public Relations Society of America) මහජන සම්බන්ධතාවය යනු දර්ශනය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භාෂාව, මනෝ විද්‍යාව, ජනමාධ්‍යවේදනය, සන්නිවේදනය සහ වෙනත් විෂය ක්ෂේත්‍ර ගණනාවක සංකලනය ඔස්සේ මානව අවබෝධය සඳහා වන ක්‍රමවේදයකි." හර්බට් එම්. බෝස් " යහපත් හදවතක් තුළින් ගොඩනැඟෙන මානව විශිෂ්ටත්වය මහජන සම්බන්ධතාවයි." චාර්ල්ස් ප්ලැකාඩ් " සතුටුදායක මතයක් ගොඩනැඟීමෙහිලා හේතුවන සියලු ම විෂය කරුණු මහජන සම්බන්ධතාව වේ. '' ජෝන් එෆ්. මෙරඩි  ( ඇමරිකානු  මහජන සම්බන්ධතා සංවිධානයේ හිටපු සභාපති)